මම කඩදාසි හදන්න ගන්න එක අමු ද්‍රවයයක් විදියට අස්වැන්න නෙලුවට පස්සෙ කපල ඉවත දමන කෙසෙල් කදන් භාවිතා කරනවා ඒ නිසාම මම කෙසෙල් වගාවක් කරගෙන යනවා ගිය සතියෙ අලුතින් පැල 150 ක් හිටෙව්වා කලින් වතාවෙ හිටවල තිබුනු පැලයි හොද උස මහතට හැදිල පීදෙන්න ලංවෙලා තිබුනු ගස් 100 ක් විතර වල් ඌරොයි ඉත්තෑවොයි විනාසකරල දැම්මා ,කමක් නෑ මට ලොකු පාඩුවක් නෑ මම ඒ කෙසෙල් කදන් වලින් කඩදාසි හැදුවා සත්තු බඩ පුරවගත්තා කියලා සන්තොසයක් හිතේ තියෙනවා සත්තුන්ට අයිති මහපොලව අපි අයිති කරගෙන හරියන්නෙ නෑ ඉතින් අයිතිකාර යන්ට උපහාරයක් විදියට එයාල පෙරලපු කෙසෙල් ගස්වල කදන් අඹරල හදපු කඩදාසි වලින් එයාලගෙ රූපෙ දාල පෝස් කාඩ් එකක් හැදුවා ඒත්, ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ අය කවුරුවත් මේවා සල්ලි දීල ගන්නෙ නෑ ලංකාවට සංචාරය සදහා එන විදේශිකයො නම් අපිව බොහොම ඉහලින් වර්නනා කරල වැඩිපුරත් සල්ලි දීල අපේ නිර්මාන අරගෙන යනවා ඉතින් සංචාරක ව්‍යාපාරය නැවත යතා තත්වයට පත්වෙනකන් අපි බලන් ඉන්නවා - මධුර නානායක්කාර