Skip to main content

කෙසෙල් අමු ද්‍රවයය

මම කඩදාසි හදන්න ගන්න එක අමු ද්‍රවයයක් විදියට අස්වැන්න නෙලුවට පස්සෙ කපල ඉවත දමන කෙසෙල් කදන් භාවිතා කරනවා ඒ නිසාම මම කෙසෙල් වගාවක් කරගෙන යනවා ගිය සතියෙ අලුතින් පැල 150 ක් හිටෙව්වා කලින් වතාවෙ හිටවල තිබුනු පැලයි හොද උස මහතට හැදිල පීදෙන්න ලංවෙලා තිබුනු ගස් 100 ක් විතර වල් ඌරොයි ඉත්තෑවොයි විනාසකරල දැම්මා ,කමක් නෑ මට ලොකු පාඩුවක් නෑ මම ඒ කෙසෙල් කදන් වලින් කඩදාසි හැදුවා
සත්තු බඩ පුරවගත්තා කියලා සන්තොසයක් හිතේ තියෙනවා සත්තුන්ට අයිති මහපොලව අපි අයිති කරගෙන හරියන්නෙ නෑ ඉතින් අයිතිකාරයන්ට උපහාරයක් විදියට එයාල පෙරලපු කෙසෙල් ගස්වල කදන් අඹරල හදපු කඩදාසි වලින් එයාලගෙ රූපෙ දාල පෝස් කාඩ් එකක් හැදුවා ඒත්, ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ අය කවුරුවත් මේවා සල්ලි දීල ගන්නෙ නෑ ලංකාවට සංචාරය සදහා එන විදේශිකයො නම් අපිව බොහොම ඉහලින් වර්නනා කරල වැඩිපුරත් සල්ලි දීල අපේ නිර්මාන අරගෙන යනවා ඉතින් සංචාරක ව්‍යාපාරය නැවත යතා තත්වයට පත්වෙනකන් අපි බලන් ඉන්නවා - මධුර නානායක්කාර











Comments

Popular posts from this blog

ගිනි ග්‍රාස්

මේ ගිනි ග්‍රාස් කියන ආක්‍රමණශීලී තෘණ විශේෂ ය මානා, අලි මානා, වගේ වගේ නම් වලින් සමහර ප්‍රදේශවල මේ ශාකය හඳුන්වනවා මේ මොන නම් කිව්වොත් මේක ආක්‍රමණශීලී ශාකයක් සව ආහාරයක් විදිහට ගොවිපලවල් ඇතුලෙ වගා කරන්න විදේශයන්ගෙන් ගෙනල්ලා ලංකාවට හඳුන්ව දීපු මේ තණකොළ විශේෂය ඒ තමයි දැනට ලංකාවේ වැඩිම භූමි ප්‍රමාණයක් වහගෙන පැතිරිලා තියෙන ආක්‍රමණශීලී ශාක විශේෂය මේ ශාක වඳ කරන්න ඉතාමත් අපහසු යි මොකද මේ ශාඛයක් තම ජීවිත කා ලය තුළ දී බීජ විසි දහසකට වඩා හදනවා වී කුරුල්ලෝ වගේ කුඩා කුරුල්ලො මේ බීජ ආහාරයට අරගෙන ගිහිල්ලා වසුරු හෙලපු වහම වහාම ඒ හරහා මේ බීජ ව්‍යාප්තිය ලංකාව පුරාම සිද්ධ වෙනවා ඒ වගේමයි ඕනම නිසරු බිමක මේ ශාක සරුවට වැඩෙනවා මේ මගින් පස තවත් නිසරු වෙනවා ඒ වගේම අපේ දේශීය වර්ග වර්ග වලට වර්ධනය වෙන්න තියෙන පසුබිම සම්පූර්ණයෙන්ම නැති වෙනවා දේශීය සත්ව විශේෂ වලට බෝවෙන්න තියෙන පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා අනිත් භයානකම කාරණාව තමයි වියළි කාලගුණ තත්ව යටතේ මෙහි දිරා පත් වෙච්ච පත්‍රවලට ඉක්මනින් ගිනි ඇවිලීම පසුගිය දවස්වල වල ඇල්ල රොක් ප්‍රදේශයේ දකින්න ලැබුණේ මේ වගේ guinea grass වැවිච්ච කඳු මුදුන්වලට ගිනි ඇවිලී ...

ගිනි ග්‍රාස් 2

ආක්‍රමනශීලී ශාකයක් වන ගිනි ග්‍රාස් එහෙම නැත්නම් අලි මානා කියල සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන තෘන විශේෂය සහ දිය පර කියල සාමාන්‍ය ව්‍යවහාරයේ දී වැරදියට හදුනවන ඩිලේනියා කියන බරපතල ආක්‍රමනශීලී විදේශීය ශාක විශේෂය භාවිතා කරල මම කඩදාසි හදනවා මේ තියෙන්නෙ ඒ කඩදාසි භාවිතා කරල නිර්මානය කරපු විසිතුරු නෝට් බුක් ඩිසයින් කීපයක් මම මේවා විකුනල ලබන ලාභයෙන් කොටසක් ආක්‍රමනශීලී ශාක ඉවත්කරන භූමියේ නැවත අපේ දේශීය ශාක හිටවන්න යොදවනවා මම මධුර නානායක්කාර 0773 674423

පරිසර හිතකාමි කඩදාසි බෑග්

පහුගිය අඟහරුවාදා මට කෝල් එකක් ආවා එහා පැත්තෙන් කථා කළේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුවෙක් අපි ලබන සිකුරාදා ලේ දන් දීමේ කඳවුරක් පවත්වන්න ස ූදානම් කරලා තියෙනවා එදාට ලේ දෙන සියලුම දෙනාට අපි පලතුරු පැලයක් තෑගි දෙනවා ඒ පලතුරු පැල පරිසර හිතකාමි කඩදාසි බෑග් එකක දාලා දෙන්න අපි තීරණය කරා අපට ලබන සිකුරාදා උදේ වෙද්දි ප්‍රින්ට් එකකුත් එක්ක බෑග් පන්සියයක් ගන්න පුළුවන් වේවිද මට එකපාරටම දෙන්න උත්තරයක් තිබුණේ නැහැ මොකද ඒ වෙනකොටත් කලින් බාර ගනිපු වැඩ ගොඩක් එක්ක අපේ කාර්ය මණ්ඩලය කාර්යබහුල වෙලා හිටපු නිසා ඒත් මට වැඩේ අත අරින්න හිතුණේ නැහැ මොකද මේ පොඩි උන් කරන්න හදන වැඩේ වටිනාකම මම හොඳින්ම දන්න නිසා ඒ වගේම අනාගත පරපුරේ මේ පරිසර හිතකාමී යොමු වීමට සුබවාදී උත්තේජනයක් සැපයීම අපේ වගකීමක් වන නිසා අනිත් කාරණාව තමයි ගාල්ලේදී මේ වැඩේ මෙච්චර ඉක්මනට කරගන්න වෙන තැනක් හොයාගන්න එක ටිකක් දුෂ්කර කාර්යයක් කියලා මම දන්නවා එහෙම වුනොත් මේ පොඩි උන්ගේ හිත් අධෛර්යමත් වෙනවා ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි මම අපේ කාර්ය මණ්ඩලයට මේ වැඩේ වැදගත්කම පැහැදිලි කරලා දුන්නා හරි සර් අපි කොහොම හරි මේක කරල දෙමු කට්ටියම එක ප...