Skip to main content

පන්නරය

ස්වභා දහමට දැඩි සේ ආදරය කිරීමේ වරදට ස්වභාදහම මා වෙත දැඩි දඩුවම් දී ඇත පුරා වසර 19 කාලයක් කඩදාසි ප්‍රතිචක්‍රීය කරනය කිරීමෙන් මධුර ඉකෝ ක්‍රාෆ්ට් ආයතනය පරිසරයට කර ඇති සේවය මෙතෙකැයි ගනනය කිරීම අපහසුය වසර ගනනාවක මා ඇතුලු සේවක මණ්ඩලයේ දහඩිය කදුලු ගං වතුරේ සේදී යද්දී මා නව පන්නරයකින් යුතුව නැගිටිමි අප ගනුදෙනු කරුවන් වන ඔබ වෙත යම් ප්‍රමාදයක් සිදුවේනම් දහස් වාරයක් සමාව අයදිමි. අත්තනෝමතිකව ස්වභාවදහම පාලනය කිරීමට හා අයිතිකරගැනීමට යාමේ අයහපත් ප්‍රතිපල භුක්තිවිදීමට සිදුවන්නේ සාමූහිකව බව ඔබ සැමට නැවත නැවත අවධාරනය කර සිටින අතර මේ වන තෙක් කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක කිසිදු නිලධාරියෙකු අප වෙත නොපැමිනි බවත් මේ විනාශ වී ඇත්තේ සියයට සියයක්ම පරිසර හිතකාමී දේශීය ව්‍යාපාරයක් බවත් දැඩි වේදනාවෙන් යුතුව සටහන් කරමි. මම මධුර නානායක්කාර 0773674423












Comments

Popular posts from this blog

ගිනි ග්‍රාස්

මේ ගිනි ග්‍රාස් කියන ආක්‍රමණශීලී තෘණ විශේෂ ය මානා, අලි මානා, වගේ වගේ නම් වලින් සමහර ප්‍රදේශවල මේ ශාකය හඳුන්වනවා මේ මොන නම් කිව්වොත් මේක ආක්‍රමණශීලී ශාකයක් සව ආහාරයක් විදිහට ගොවිපලවල් ඇතුලෙ වගා කරන්න විදේශයන්ගෙන් ගෙනල්ලා ලංකාවට හඳුන්ව දීපු මේ තණකොළ විශේෂය ඒ තමයි දැනට ලංකාවේ වැඩිම භූමි ප්‍රමාණයක් වහගෙන පැතිරිලා තියෙන ආක්‍රමණශීලී ශාක විශේෂය මේ ශාක වඳ කරන්න ඉතාමත් අපහසු යි මොකද මේ ශාඛයක් තම ජීවිත කා ලය තුළ දී බීජ විසි දහසකට වඩා හදනවා වී කුරුල්ලෝ වගේ කුඩා කුරුල්ලො මේ බීජ ආහාරයට අරගෙන ගිහිල්ලා වසුරු හෙලපු වහම වහාම ඒ හරහා මේ බීජ ව්‍යාප්තිය ලංකාව පුරාම සිද්ධ වෙනවා ඒ වගේමයි ඕනම නිසරු බිමක මේ ශාක සරුවට වැඩෙනවා මේ මගින් පස තවත් නිසරු වෙනවා ඒ වගේම අපේ දේශීය වර්ග වර්ග වලට වර්ධනය වෙන්න තියෙන පසුබිම සම්පූර්ණයෙන්ම නැති වෙනවා දේශීය සත්ව විශේෂ වලට බෝවෙන්න තියෙන පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා අනිත් භයානකම කාරණාව තමයි වියළි කාලගුණ තත්ව යටතේ මෙහි දිරා පත් වෙච්ච පත්‍රවලට ඉක්මනින් ගිනි ඇවිලීම පසුගිය දවස්වල වල ඇල්ල රොක් ප්‍රදේශයේ දකින්න ලැබුණේ මේ වගේ guinea grass වැවිච්ච කඳු මුදුන්වලට ගිනි ඇවිලී ...

ගිනි ග්‍රාස් 2

ආක්‍රමනශීලී ශාකයක් වන ගිනි ග්‍රාස් එහෙම නැත්නම් අලි මානා කියල සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන තෘන විශේෂය සහ දිය පර කියල සාමාන්‍ය ව්‍යවහාරයේ දී වැරදියට හදුනවන ඩිලේනියා කියන බරපතල ආක්‍රමනශීලී විදේශීය ශාක විශේෂය භාවිතා කරල මම කඩදාසි හදනවා මේ තියෙන්නෙ ඒ කඩදාසි භාවිතා කරල නිර්මානය කරපු විසිතුරු නෝට් බුක් ඩිසයින් කීපයක් මම මේවා විකුනල ලබන ලාභයෙන් කොටසක් ආක්‍රමනශීලී ශාක ඉවත්කරන භූමියේ නැවත අපේ දේශීය ශාක හිටවන්න යොදවනවා මම මධුර නානායක්කාර 0773 674423

පරිසර හිතකාමි කඩදාසි බෑග්

පහුගිය අඟහරුවාදා මට කෝල් එකක් ආවා එහා පැත්තෙන් කථා කළේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුවෙක් අපි ලබන සිකුරාදා ලේ දන් දීමේ කඳවුරක් පවත්වන්න ස ූදානම් කරලා තියෙනවා එදාට ලේ දෙන සියලුම දෙනාට අපි පලතුරු පැලයක් තෑගි දෙනවා ඒ පලතුරු පැල පරිසර හිතකාමි කඩදාසි බෑග් එකක දාලා දෙන්න අපි තීරණය කරා අපට ලබන සිකුරාදා උදේ වෙද්දි ප්‍රින්ට් එකකුත් එක්ක බෑග් පන්සියයක් ගන්න පුළුවන් වේවිද මට එකපාරටම දෙන්න උත්තරයක් තිබුණේ නැහැ මොකද ඒ වෙනකොටත් කලින් බාර ගනිපු වැඩ ගොඩක් එක්ක අපේ කාර්ය මණ්ඩලය කාර්යබහුල වෙලා හිටපු නිසා ඒත් මට වැඩේ අත අරින්න හිතුණේ නැහැ මොකද මේ පොඩි උන් කරන්න හදන වැඩේ වටිනාකම මම හොඳින්ම දන්න නිසා ඒ වගේම අනාගත පරපුරේ මේ පරිසර හිතකාමී යොමු වීමට සුබවාදී උත්තේජනයක් සැපයීම අපේ වගකීමක් වන නිසා අනිත් කාරණාව තමයි ගාල්ලේදී මේ වැඩේ මෙච්චර ඉක්මනට කරගන්න වෙන තැනක් හොයාගන්න එක ටිකක් දුෂ්කර කාර්යයක් කියලා මම දන්නවා එහෙම වුනොත් මේ පොඩි උන්ගේ හිත් අධෛර්යමත් වෙනවා ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි මම අපේ කාර්ය මණ්ඩලයට මේ වැඩේ වැදගත්කම පැහැදිලි කරලා දුන්නා හරි සර් අපි කොහොම හරි මේක කරල දෙමු කට්ටියම එක ප...