Skip to main content

කොල ඇසුරුම්

මේ තියෙන්නෙ මම අලුතින් නිර්මානය කරපු තේ කොල ඇසුරුම් කිරීම සදහා භාවිතා කරන විසිතුරු පෙට්ටියක් මේකෙ විශේෂය වෙන්නෙ මේ සදහා යොදාගනිපු කඩදාසිය මම ඒ සදහාම විශේෂයෙන්ම නිපදවපු කඩදාසියක් වීම මම මේ කඩදාසිය හදන්න භාවිතාකරේ තේ කොල නිශ්පාද්නයේ දී අපද්‍රවයයක් විදියට ඉවත දමන කසල තේ ,තේ නටු ,සහ තේ ෆයිබර් කොටස් මගේ මේ අලුත් නිර්මානය දෙපාරක් නොහිතා මිල දී ගන්න ඉදිරිපත් උන මුස්වැන්න තේ කර්මාන්තශාලාවෙ හිමිකරු මලිත් මල්ලිටත් ගොඩාක් ස්තුතියි ප්‍රශ්නය තියෙන්නෙ කසල තේ ලග තබාගැනීම ලන්කාවෙ නීතියෙ හැටියට වරදක් මේකට විසදුමක් හොයගන්න කාටහරි උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් නැත්නම් පටන්ගත්තු තැනම මේ වැඩේ නවත්තන්න වෙනවා - මම මධුර නානායක්කාර 0773 674423


Comments