පහුගිය අඟහරුවාදා මට කෝල් එකක් ආවා එහා පැත්තෙන් කථා කළේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුවෙක් අපි ලබන සිකුරාදා ලේ දන් දීමේ කඳවුරක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා එදාට ලේ දෙන සියලුම දෙනාට අපි පලතුරු පැලයක් තෑගි දෙනවා ඒ පලතුරු පැල පරිසර හිතකාමි කඩදාසි බෑග් එකක දාලා දෙන්න අපි තීරණය කරා අපට ලබන සිකුරාදා උදේ වෙද්දි ප්‍රින්ට් එකකුත් එක්ක බෑග් පන්සියයක් ගන්න පුළුවන් වේවිද මට එකපාරටම දෙන්න උත්තරයක් තිබුණේ නැහැ මොකද ඒ වෙනකොටත් කලින් බාර ගනිපු වැඩ ගොඩක් එක්ක අපේ කාර්ය මණ්ඩලය කාර්යබහුල වෙලා හිටපු නිසා ඒත් මට වැඩේ අත අරින්න හිතුණේ නැහැ මොකද මේ පොඩි උන් කරන්න හදන වැඩේ වටිනාකම මම හොඳින්ම දන්න නිසා ඒ වගේම අනාගත පරපුරේ මේ පරිසර හිතකාමී යොමු වීමට සුබවාදී උත්තේජනයක් සැපයීම අපේ වගකීමක් වන නිසා අනිත් කාරණාව තමයි ගාල්ලේදී මේ වැඩේ මෙච්චර ඉක්මනට කරගන්න වෙන තැනක් හොයාගන්න එක ටිකක් දුෂ්කර කාර්යයක් කියලා මම දන්නවා එහෙම වුනොත් මේ පොඩි උන්ගේ හිත් අධෛර්යමත් වෙනවා ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි මම අපේ කාර්ය මණ්ඩලයට මේ වැඩේ වැදගත්කම පැහැදිලි කරලා දුන්නා හරි සර් අපි කොහොම හරි මේක කරල දෙමු කට්ටියම එක පයින් වැඩේ බාර ගත්තා අපේ කට්ටිය සම්පූර්ණ උත්සාහය යොදල බ්‍රහස්පතින්දා රෑ 11.30 වෙනකොට යන්තම් වැඩේ ඉවර කරා මම වියදම විතරක් අරගෙන පොඩි උන්ට වෙලාවට බෑග් ටික දුන්නා සිකුරාදා ලේ දන්දීමේ පිංකම සාර්ථකව සිදුවුණා මහන්සි වුණාට හැම දෙනාටම හිතට සතුටුයි - මම මධුර නානායක්කාර 0773-674423

Comments
Post a Comment