Skip to main content

Posts

Madhura Eco Craft

Recent posts

කැමති ඩ්සයින් එකකින් කැමති විදියට වෙඩින් කාඩ් කේක් බොක්ස් හදාගන්න අපිට කතා කරන්න

කැමති ඩ්සයින් එකකින් කැමති විදියට වෙඩින් කාඩ් කේක් බොක්ස් හදාගන්න අපිට කතා කරන්න.

කෙසෙල් අමු ද්‍රවයය

මම කඩදාසි හදන්න ගන්න එක අමු ද්‍රවයයක් විදියට අස්වැන්න නෙලුවට පස්සෙ කපල ඉවත දමන කෙසෙල් කදන් භාවිතා කරනවා ඒ නිසාම මම කෙසෙල් වගාවක් කරගෙන යනවා ගිය සතියෙ අලුතින් පැල 150 ක් හිටෙව්වා කලින් වතාවෙ හිටවල තිබුනු පැලයි හොද උස මහතට හැදිල පීදෙන්න ලංවෙලා තිබුනු ගස් 100 ක් විතර වල් ඌරොයි ඉත්තෑවොයි විනාසකරල දැම්මා ,කමක් නෑ මට ලොකු පාඩුවක් නෑ මම ඒ කෙසෙල් කදන් වලින් කඩදාසි හැදුවා සත්තු බඩ පුරවගත්තා කියලා සන්තොසයක් හිතේ තියෙනවා සත්තුන්ට අයිති මහපොලව අපි අයිති කරගෙන හරියන්නෙ නෑ ඉතින් අයිතිකාර යන්ට උපහාරයක් විදියට එයාල පෙරලපු කෙසෙල් ගස්වල කදන් අඹරල හදපු කඩදාසි වලින් එයාලගෙ රූපෙ දාල පෝස් කාඩ් එකක් හැදුවා ඒත්, ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ අය කවුරුවත් මේවා සල්ලි දීල ගන්නෙ නෑ ලංකාවට සංචාරය සදහා එන විදේශිකයො නම් අපිව බොහොම ඉහලින් වර්නනා කරල වැඩිපුරත් සල්ලි දීල අපේ නිර්මාන අරගෙන යනවා ඉතින් සංචාරක ව්‍යාපාරය නැවත යතා තත්වයට පත්වෙනකන් අපි බලන් ඉන්නවා - මධුර නානායක්කාර

කොල ඇසුරුම්

මේ තියෙන්නෙ මම අලුතින් නිර්මානය කරපු තේ කොල ඇසුරුම් කිරීම සදහා භාවිතා කරන විසිතුරු පෙට්ටියක් මේකෙ විශේෂය වෙන්නෙ මේ සදහා යොදාගනිපු කඩදාසිය මම ඒ සදහාම විශේෂයෙන්ම නිපදවපු කඩදාසියක් වීම මම මේ කඩදාසිය හදන්න භාවිතාකරේ තේ කොල නිශ්පාද්නයේ දී අපද්‍රවයයක් විදියට ඉවත දමන කසල තේ ,තේ නටු ,සහ තේ ෆයිබර් කොටස් මගේ මේ අලුත් නිර්මානය දෙපාරක් නොහිතා මිල දී ගන්න ඉදිරිපත් උන මුස්වැන්න තේ කර්මාන්තශාලාවෙ හිමිකරු මලිත් මල්ලිටත් ගොඩාක් ස්තුතියි ප්‍රශ්නය තියෙන්නෙ කසල තේ ලග තබාගැනීම ලන්කාවෙ නීතියෙ හැටියට වරදක් මේකට විසදුමක් හොයගන්න කාටහරි උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් නැත්නම් පටන්ගත්තු තැනම මේ වැඩේ නවත්තන්න වෙනවා - මම මධුර නානායක්කාර 0773 674423

පන්නරය

ස්වභා දහමට දැඩි සේ ආදරය කිරීමේ වරදට ස්වභාදහම මා වෙත දැඩි දඩුවම් දී ඇත පුරා වසර 19 කාලයක් කඩදාසි ප්‍රතිචක්‍රීය කරනය කිරීමෙන් මධුර ඉකෝ ක්‍රාෆ්ට් ආයතනය පරිසරයට කර ඇති සේවය මෙතෙකැයි ගනනය කිරීම අපහසුය වසර ගනනාවක මා ඇතුලු සේවක මණ්ඩලයේ දහඩිය කදුලු ගං වතුරේ සේදී යද්දී මා නව පන්නරයකින් යුතුව නැගිටිමි අප ගනුදෙනු කරුවන් වන ඔබ වෙත යම් ප්‍රමාදයක් සිදුවේනම් දහස් වාරයක් සමාව අයදිමි. අත්තනෝමතිකව ස්වභාවදහම පාලනය කිරීමට හා අයිතිකරගැනීමට යාමේ අයහපත් ප්‍රතිපල භුක්තිවිදීමට සිදුවන්නේ සාමූහිකව බව ඔබ සැමට නැවත නැවත අවධාරනය කර සිටින අතර මේ වන තෙක් කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක කිසිදු නිලධාරියෙකු අප වෙත නොපැමිනි බවත් මේ විනාශ වී ඇත්තේ සියයට සියයක්ම පරිසර හිතකාමී දේශීය ව්‍යාපාරයක් බවත් දැඩි වේදනාවෙන් යුතුව සටහන් කරමි. මම මධුර නානායක්කාර 0773674423

ගිනි ග්‍රාස් 2

ආක්‍රමනශීලී ශාකයක් වන ගිනි ග්‍රාස් එහෙම නැත්නම් අලි මානා කියල සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන තෘන විශේෂය සහ දිය පර කියල සාමාන්‍ය ව්‍යවහාරයේ දී වැරදියට හදුනවන ඩිලේනියා කියන බරපතල ආක්‍රමනශීලී විදේශීය ශාක විශේෂය භාවිතා කරල මම කඩදාසි හදනවා මේ තියෙන්නෙ ඒ කඩදාසි භාවිතා කරල නිර්මානය කරපු විසිතුරු නෝට් බුක් ඩිසයින් කීපයක් මම මේවා විකුනල ලබන ලාභයෙන් කොටසක් ආක්‍රමනශීලී ශාක ඉවත්කරන භූමියේ නැවත අපේ දේශීය ශාක හිටවන්න යොදවනවා මම මධුර නානායක්කාර 0773 674423

පරිසර හිතකාමි කඩදාසි බෑග්

පහුගිය අඟහරුවාදා මට කෝල් එකක් ආවා එහා පැත්තෙන් කථා කළේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුවෙක් අපි ලබන සිකුරාදා ලේ දන් දීමේ කඳවුරක් පවත්වන්න ස ූදානම් කරලා තියෙනවා එදාට ලේ දෙන සියලුම දෙනාට අපි පලතුරු පැලයක් තෑගි දෙනවා ඒ පලතුරු පැල පරිසර හිතකාමි කඩදාසි බෑග් එකක දාලා දෙන්න අපි තීරණය කරා අපට ලබන සිකුරාදා උදේ වෙද්දි ප්‍රින්ට් එකකුත් එක්ක බෑග් පන්සියයක් ගන්න පුළුවන් වේවිද මට එකපාරටම දෙන්න උත්තරයක් තිබුණේ නැහැ මොකද ඒ වෙනකොටත් කලින් බාර ගනිපු වැඩ ගොඩක් එක්ක අපේ කාර්ය මණ්ඩලය කාර්යබහුල වෙලා හිටපු නිසා ඒත් මට වැඩේ අත අරින්න හිතුණේ නැහැ මොකද මේ පොඩි උන් කරන්න හදන වැඩේ වටිනාකම මම හොඳින්ම දන්න නිසා ඒ වගේම අනාගත පරපුරේ මේ පරිසර හිතකාමී යොමු වීමට සුබවාදී උත්තේජනයක් සැපයීම අපේ වගකීමක් වන නිසා අනිත් කාරණාව තමයි ගාල්ලේදී මේ වැඩේ මෙච්චර ඉක්මනට කරගන්න වෙන තැනක් හොයාගන්න එක ටිකක් දුෂ්කර කාර්යයක් කියලා මම දන්නවා එහෙම වුනොත් මේ පොඩි උන්ගේ හිත් අධෛර්යමත් වෙනවා ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි මම අපේ කාර්ය මණ්ඩලයට මේ වැඩේ වැදගත්කම පැහැදිලි කරලා දුන්නා හරි සර් අපි කොහොම හරි මේක කරල දෙමු කට්ටියම එක ප